Showing posts with label මට හිතෙන දේ. Show all posts
Showing posts with label මට හිතෙන දේ. Show all posts

Friday, December 18, 2015

සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන්ද?







සමහරු හිතන්නේ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියල.  කතාවට කියන්නේ සල්ලි කියන්නෙ දෙයියන්ගේ මල්ලි කියලනෙ. 
ඔව් ඉතින්  සල්ලි වලට අකමැති කවුද. 

සමහර ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නව මේ සල්ලි,
තමන්ගේ තනතුරු, නිල බලය ඉස්මතු කරල ඕනම දෙයක් කරගන්න පුළුවන් කියල හිතන.

තනතුරු නිල බලය පාවිච්චි කරල කෙනෙක්, යම් දෙයක් කරගන්න උත්සහ කරනවනම් අනෙක් පැත්තෙ ඉන්න පුද්ගලය, ඒ දේ කරන්න ඉදිරිපත් වෙන්නෙ, තමන්ට හෝ තමන්ගේ රැකියාවට යම් හානියක් වෙන්න පුළුවන් කියල විය හැකියි. ඒ වගේම ඒ දෙය කරල දුන්නොත්
ඒ වෙනුවට ඔහුට යම් යම් වරප්‍රසාද ලබා ගන්න පුළුවන් හින්ද.

මම කියන්නෙ ඇත්ත නෙමේද?

කල්පනා කරල බලන්න ඔබත් මේ කියන ආකාරයට කරගන්න උත්සහ කරනවද, උත්සහ කරල ඇතිද කියල.

කෙනෙක් තව කෙනෙක් ආශ්‍රය කරන්නෙ ඔහුගෙන් හෝ ඇයගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ කියල ඔබට කියන්න පුළුවන්ද?



ආ..  මට තව දෙයක කියන්න අමතක වුනා.  සමහර අය ඔය තමන්ගේ ඉහල තනතුරු වල ඉන්න උදවියට ගෞරව කරන්නේ, යම් යම්
අවස්ථාවලදි සුභ පතන්නේ,ඔවුන් ලග දණින් වැටිල කටයුතු කරන්නේ හදවතින්මද කියල ඔබ හිතනවද?  මොන බොරුද, ඒ අයට තියෙන බය නිසයි එහෙම කරන්නෙ.  තමන්ගේ රස්සාව බේරගන්න එහෙම කරන්නෙ. වාසි බලාගෙනයි එහෙම කරන්නෙ. එහෙම නැත්නම් හිත දිනාගන්නයි ඒ වගේ දේවල් කරන්නේ.  තිත්ත උනත් ඇත්ත ඕකයි.  ඕකට සමහරු කියන්නේ ලකුණු දාගන්නව කියල.


ඒත් ගෞවරය කියන දේ යම් අයෙක් කෙරෙහි යමෙක් තුල අයාසයකින් තොරව හටගන්න ඕන කියලයි මගේ අදසහනම්.

සල්ලි එහෙමත් නැත්නම් මුදල් වලින් හැමදේම කරන්න උත්සහ කරන, තනතරු නිල බලය යොදාගෙන යම් යම් දේ කරන්න හදන අය තේරුම්
ගන්න ඕන මේ දේවල් සදාකාලික නොවන බව.  සල්ලි වලට කරන්න බැරි දේවලුත් මේ ලෝකෙ තියෙනව කියල.

මුදල්, තනතරු, නිල  බලය තමන් ලග තියෙන තුරු තමන්ට හැමදෙයක්ම කරගන්න පුළුවන් වෙයි. 

ඒත් ඒ දේවල් නැති වුන වෙලාවට මොකද වෙන්නෙ..........

හිතන්න..........

සමහර විට ඔබ උදාහරණයක් නොවුනත් ඕන තරම් උදාහරණ ඔබ අවට ඇති.  නිතැතින්ම ඔබ නෙත ගැටෙනවා ඇති.






කම්කරුවෝ කියන්නේ..........



අපි ඔය කම්කරුවෝ කියල කියන්නේ සමාජයේ පහල තියෙන රැකියා කරන කොටසටනේ.ඔය කර්මාන්ත
ශාලාවල වැඩකරන,පාර අතුගාන,වැසිකිළි සෝදන, මේ යනාදී දේවල් කරන අයනෙ. ඒත් හිතල බලන කොට
ඔවුන් විතරක් නෙවේ වේතනයක් ලබා ගැනීමට වැඩ කරන හැමෝම කම්කරුවෝ නේද?

ඇයි එහෙම කියන්නේ?

අපි උදාහරණයකට කර්මාන්ත ශාලාවක වැඩ කරන සේවයෙක් ගමුකො. ඔහු එතන වැඩ කරන්නෙ වැටුපට.
ඒ වගේම ඔහුව මෙහෙයවන්නත් පාලනය කරන්නත් විවිධ තාරාතිරම් වල නිලධාරීන් ඉන්නව.

එතකොට ඒ නිලධාරීන්ව පාලනය කරන්න ඊටත් ඉහල නිලධාරීන් ඉන්නවද?

ඔව් ඉන්නව.

ඒ අය වැඩ කරන්නේ වැටුපක් බලාපොරොත්තුවෙන් නෙමේද?

නැහැ.  ඔවුන් වැඩ කරන්නෙත් වැටුපක් සඳහා. 

වැටුපට වැඩ කරන හැමෝටම එහෙනම් කම්කරුවෝ කිව්වට කමක් නැහැ නේද?
එතකොට ඔය රජයේ ආයතනවලත් ඉන්න හැමෝමත්, ඒ ඒ අයගේ තනතුරු, නිලයන් මොනව වුනත් කම්කරුවෝ නේද? මොකද කියනවනම් ඔවුන් වැඩ කරන්නෙත් වැටුපට. ඔවුන්ව
මෙහෙය වන්න, පාලනය කරන්නත් නිලධාරීන් ඉන්නවනේ. ඔවුන් වැඩ කරන්නෙත් වැටුපට. ඔවුන් පාලනය කරන්න රජය ඉන්නව.

පොදුවේ ගත්තම රජයේ ආයතනවල හෝ පුද්ගලික ආයතනවල වැටුපට වැඩ කරන හැමෝම කම්කරුවෝ.  ඒ ඒ අයගේ තනතුරු, නිලයන් මොනව වුනත්
ඔවුන් ක්‍රියාත්මක වෙන්නෙ තව කෙනෙකුගේ පාලනය යටතේ නෙමේද?

මේක හරියට ආහාර දාමයක් වගේ.

හිතල බලන්න සමාජයේ ඉන්න එක් කොටසකට පමණක් කම්කරුවෝ කියල කියන එක කෙතරම් සාධාරණද කියල.  ඔයගොල්ලන් ඒ අයට සලකන විදිය
කතා කරන විදිය කෙතරම් යහපත්ද, අයහපත්ද කියල.

තීරණය ඔබට භාරයි..........