සමහරු හිතන්නේ සල්ලි වලින් හැමදේම කරන්න පුළුවන් කියල. කතාවට කියන්නේ සල්ලි කියන්නෙ දෙයියන්ගේ මල්ලි කියලනෙ.
ඔව් ඉතින් සල්ලි වලට අකමැති කවුද.
සමහර ගැහැණු පිරිමි දෙගොල්ලොම ඉන්නව මේ සල්ලි,
තමන්ගේ තනතුරු, නිල බලය ඉස්මතු කරල ඕනම දෙයක් කරගන්න පුළුවන් කියල හිතන.
තනතුරු නිල බලය පාවිච්චි කරල කෙනෙක්, යම් දෙයක් කරගන්න උත්සහ කරනවනම් අනෙක් පැත්තෙ ඉන්න පුද්ගලය, ඒ දේ කරන්න ඉදිරිපත් වෙන්නෙ, තමන්ට හෝ තමන්ගේ රැකියාවට යම් හානියක් වෙන්න පුළුවන් කියල විය හැකියි. ඒ වගේම ඒ දෙය කරල දුන්නොත්
ඒ වෙනුවට ඔහුට යම් යම් වරප්රසාද ලබා ගන්න පුළුවන් හින්ද.
මම කියන්නෙ ඇත්ත නෙමේද?
කල්පනා කරල බලන්න ඔබත් මේ කියන ආකාරයට කරගන්න උත්සහ කරනවද, උත්සහ කරල ඇතිද කියල.
කෙනෙක් තව කෙනෙක් ආශ්රය කරන්නෙ ඔහුගෙන් හෝ ඇයගෙන් යම් දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ කියල ඔබට කියන්න පුළුවන්ද?
ආ.. මට තව දෙයක කියන්න අමතක වුනා. සමහර අය ඔය තමන්ගේ ඉහල තනතුරු වල ඉන්න උදවියට ගෞරව කරන්නේ, යම් යම්
අවස්ථාවලදි සුභ පතන්නේ,ඔවුන් ලග දණින් වැටිල කටයුතු කරන්නේ හදවතින්මද කියල ඔබ හිතනවද? මොන බොරුද, ඒ අයට තියෙන බය නිසයි එහෙම කරන්නෙ. තමන්ගේ රස්සාව බේරගන්න එහෙම කරන්නෙ. වාසි බලාගෙනයි එහෙම කරන්නෙ. එහෙම නැත්නම් හිත දිනාගන්නයි ඒ වගේ දේවල් කරන්නේ. තිත්ත උනත් ඇත්ත ඕකයි. ඕකට සමහරු කියන්නේ ලකුණු දාගන්නව කියල.
ඒත් ගෞවරය කියන දේ යම් අයෙක් කෙරෙහි යමෙක් තුල අයාසයකින් තොරව හටගන්න ඕන කියලයි මගේ අදසහනම්.
සල්ලි එහෙමත් නැත්නම් මුදල් වලින් හැමදේම කරන්න උත්සහ කරන, තනතරු නිල බලය යොදාගෙන යම් යම් දේ කරන්න හදන අය තේරුම්
ගන්න ඕන මේ දේවල් සදාකාලික නොවන බව. සල්ලි වලට කරන්න බැරි දේවලුත් මේ ලෝකෙ තියෙනව කියල.
මුදල්, තනතරු, නිල බලය තමන් ලග තියෙන තුරු තමන්ට හැමදෙයක්ම කරගන්න පුළුවන් වෙයි.
ඒත් ඒ දේවල් නැති වුන වෙලාවට මොකද වෙන්නෙ..........
හිතන්න..........
සමහර විට ඔබ උදාහරණයක් නොවුනත් ඕන තරම් උදාහරණ ඔබ අවට ඇති. නිතැතින්ම ඔබ නෙත ගැටෙනවා ඇති.
No comments:
Post a Comment