Showing posts with label වෙනත්. Show all posts
Showing posts with label වෙනත්. Show all posts

Saturday, December 19, 2015

ස්ත්‍රිය වනාහී



                   ආලය අස්තිරයි ස්තිරි හදේ                          ලොවේ
                   ඒ බව සත්තමයි කිසිදා වෙනස්                     නොවේ
                   වෙනසක් උනොත් උපදින ලොව වෙනත්          භවේ
                   පුත්තලමේද මල් ගෝවා යසට                        වැවේ

ඇත්තටම ස්ත්‍රිය මෙහෙමද?
හැබැයි බමුණොත් මෙහෙම කියල තියෙනව.....

දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාශකං
සයනේ මරණං කුර්යාත් -ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී


"ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි. ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි."


ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණංච කාකයෝ
මතස්‍යපාදේ ජලේ පශ්‍යෙත්- ස්ත්‍රි භාශ්‍ය නවිස්වසි


"අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රියගේ වචන කිසි විටක විශ්වාස නොකරන්න."

මුඛ පද්ම දලාකාරං -වචා චන්දන සිතලං
මධු තිස්ටති ජිවාහාග්‍රේ- හෘදයේතු හලා හලං


"ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය."



තීරණය ඔබට භාරයි.  තොප්පිය හරිනම් දාගත්තට කාරි නෑ.