Showing posts with label මෘදුකාංග. Show all posts
Showing posts with label මෘදුකාංග. Show all posts

Saturday, December 19, 2015

මෘදුකාංග වල පැරණි සංස්කරණ

ඔය මෘදුකාංග නිර්මාණය කරන සමාගම් කාලෙන් කාලෙට පෙර නිර්මාණය කරපු මෘදුකාංග යාවත්කාල කිරීම් කරනව.  එතකොට ඉතින් අදාල මෘදුකාංගයට අළුත් අළුත් දේවල් එකතු වෙලා, පෙර පැවති දෝෂ නිරාකරණය වෙලා තමයි වෙලදපළට එන්නේ.  එහෙම ආවට ඉතින් සමහරු කැමති පරණ එකෙන්ම වැඩ කරන්න. ඒ කිව්වේ පෙර පාවිච්චි කරපු සංස්කරණයෙන්ම වැඩ කරන්න.


අන්න ඒ වගේ මේ පැරණි මෘදුකාංග සංස්කරණ වලින් වැඩ කරන්න කැමති අයට, මේ පැරණි සංස්කරණ භාගත කරගන්න පුළුවන් පහල මම දීල තියෙන වෙබ් අඩවියට ගියහම.  කැමති අය ගිහිල්ල බලන්නකෝ..........


නොමිලේ දෙන මෘදුකාංග




නොමිලේ දෙන මෘදුකාංග එහෙමත් නැතිනම් ඔය ෆ්‍රී වෙයාර් කියල කියන්නේ් අන්න ඒවා ගැන තමයි මේ කියන්නේ.  අන්තර්ජාලයෙන් අපිට අවශ්‍ය මෘදුකාගයක් භාගත කරන්න ගියාට පස්සේ අපි ටිකක් පරිසමින් බලන්න ඕන අදාල මෘදුකාංගයේ විස්තර ටිකක්.  ඔන්න ඔය කියන විස්තරවල තියෙනව මේක ෆ්‍රී වෙයාර් එකක් ද, එහෙමමත් නැතිනම කර්මෂල් වෙයාර් එකක් ද කියල.  කර්මෂල් වෙයාර් එකක් භාගත කරොත් ඕගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න ලැබෙන්නේ සීමිත කාල සීමාවක් පමණයි.  ඉන් එහාට පාවිච්චි කරන්න ඕනනම් අන්තර්ජාලය හරහා ආදාල මෘදුකාංගයේ කී එක එහෙමත් නැතිනම් සීරියල් නම්බර් එක මිලදී ගන්න වෙනව.

දැන් මම මේ කියන්න යන වෙබ් අඩවිය හරහා ෆ්‍රී වෙයාර් වගේම කර්මෂල් වෙයාර් භාගත කරගන්න පුළුවන්.  මෙම වෙබ් අඩවිය හරහා සිදු කරන්නේ විවිධ සමාගම් වල නිර්මණය කරපු මාදුකාංග නොමිලේ බෙදාහැරීමක්.  මෙන්න ලින්ක් එක.

ෆයිල් හිපෝ