ආලය අස්තිරයි ස්තිරි හදේ ලොවේ
ඒ බව සත්තමයි කිසිදා වෙනස් නොවේ
වෙනසක් උනොත් උපදින ලොව වෙනත් භවේ
පුත්තලමේද මල් ගෝවා යසට වැවේ
ඒ බව සත්තමයි කිසිදා වෙනස් නොවේ
වෙනසක් උනොත් උපදින ලොව වෙනත් භවේ
පුත්තලමේද මල් ගෝවා යසට වැවේ
ඇත්තටම ස්ත්‍රිය මෙහෙමද?
හැබැයි බමුණොත් මෙහෙම කියල තියෙනව.....
දර්ශනං චිත්ත වෛකල්‍යං- ස්පර්ශං ධන නාශකං
සයනේ මරණං කුර්යාත් -ස්ත්‍රි ප්‍රත්‍යෂ රාක්ෂසී
"ස්ත්‍රියගේ දර්ශනය සිහිවිකල් විමට හේතුවකි.එක යහනක නිදාගතහොත් මරණය උදාකරයි. ස්පර්ශය ධනය විනාශ කර දමයි .මෙ නිසා ගැහැනිය අනිවාර්යෙන්ම යකින්නියකි."
ඖ දුම්බර භවං පුෂ්පං - ශ්වේත වර්ණංච කාකයෝ
මතස්‍යපාදේ ජලේ පශ්‍යෙත්- ස්ත්‍රි භාශ්‍ය නවිස්වසි
"අට්ටික්කා ගහේ මල් පිපුනත් කලු කපුටන් සුදු උවත් ජලයෙහි මසුන්ගේ පා සටහන් රැදුන බව විශ්වාස කලත් ස්ත්‍රියගේ වචන කිසි විටක විශ්වාස නොකරන්න."
මුඛ පද්ම දලාකාරං -වචා චන්දන සිතලං
මධු තිස්ටති ජිවාහාග්‍රේ- හෘදයේතු හලා හලං
"ගැහැනියගේ මුහුණ පියුමක්සේ පියකරුය. වචන සදුන් සේ සිසිලසය.දිවග මි පැණි බදුය. නමුත් හදවතේ හලාහල විෂය."
තීරණය ඔබට භාරයි. තොප්පිය හරිනම් දාගත්තට කාරි නෑ.
No comments:
Post a Comment